Jeewithe Windinna (Waren Yanna) - Daddy | Unplugged | ජීවිතේ විඳින්න (වරෙන් යන්න) - ඩැඩී

Jeewithe Windinna (Waren Yanna) - Daddy | Unplugged | ජීවිතේ විඳින්න (වරෙන් යන්න) - ඩැඩී




Watch it




subscribe





Title - Jeewithe Windinna (Waren Yanna) | ජීවිතේ විඳින්න (වරෙන් යන්න) 
Artist - Daddy
Music - Daddy
Lyrics - Daddy
Original Song by - Daddy
New Music Arrangements - Daddy


Jeewithe Windinna (Waren Yanna) Lyrics


වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තාම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා
බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්දේ දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද


වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න


ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න


කඳුළු පුරවාගෙන දවසෙම අඬන්නේ මොකටද
බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහල
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු
පොරවල් දැක්කා තැන්තැන් වල රජ වෙනවා
වැරැද්ද කාගේද නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද


වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම(කවුද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න


ජීවත් වෙන්න එන්න එන්න
එන්න මගේ ඇත ගන්න
විඳින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද


වරෙන් යන්න අපිත් එක්ක බැරිනම් ගෙදරට වෙලා ඉන්න
බැනුම් අහල මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න (කව්ද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න


ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න
කන්න බොන්න කන්න දෙන්න
වරක් කිව්වා මෙන්න බැන්දා
අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න
වරෙන් යන්න අපිත් එක්ක
වරෙන් යන්න අපිත් එක්ක
යන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
ජීවත් වෙන්න






Comments