Borukari - Daddy | Unplugged | බොරුකාරි - ඩැඩී


Borukari - Daddy | Unplugged | බොරුකාරි -  ඩැඩී




Watch it




subscribe




Title - Borukari - බොරුකාරි  
Artist - Daddy
Music - Daddy
Lyrics - Daddy
Original Song by - Daddy
New Music Arrangements - Daddy


Borukari Lyrics

කුමක් කරත් කොහෙ ගියත් මොනව වුනත්
මග බලං හිටිය මම අදත් පැය දෙකක් තුනක්
දිනක් දෙකක් පමා වුනත් නෑ කවදාවත්

මම පමා වෙලා මේ වගෙ එක දවසක්වත්

බඩත්ගිනියි නෑ උදේ ඉදං මට තේ උගුරක්
බොන්නට අහලක පහලක පොඩි කඩයක් වත්
ඉවසාගෙන හිටියානම් මම තවදුරත්
තාමත් හන්දියෙ අඹගහ යට මම උඹ එනකං

මාව මග නොහැරපං පං පං
මගෙ මූනටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාල පලයං යං යං

මගෙ දෑස් දිහා බල පං පං පං
තවත් වරක් හිත පං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
සිතෙන් අහල බලපං පං පං

මතකයි මට අදවගේම තව එක දවසක්
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
මඩත් වැඩී වැහි පොදත් සැරයි
මගෙ කුඩෙත් පොඩියි
උඹෙ මුහුන වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි

විදුලි කොටයි ඒවත් උඹෙ කට වගේ සැරයි
අදත් කලේ උඹ එදා මට කෙරුව වගෙ වැඩක්
හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්

මාව මග නොහැරපං පං පං
මගෙ මූනටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාල පලයං යං යං

මගෙ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
සිතෙන් අහල බලපං පං පං

මාව මග නොහැරපං පං පං
මගෙ මූනටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාල පලයං යං යං

මගෙ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
සිතෙන් අහල බලපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
සිතෙන් අහල බලපං පං පිං
මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
සිතෙන් අහල බලපං

ඉවරායි

Comments